ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍ය යනු කායික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික පරිපූර්ණත්වයයි. එනම්  අදාල  පරිසරයට ගැලපෙන ලෙස ශරීරය, මනස, සමාජය හා තමන්ගේ අධ්‍යාත්මය හසුරුවා ගැනීමට හැකිවීමයි. මානසික සෞඛ්‍ය යනු හුදෙක් මානසික රෝගාබාධ වලින් තොරවීම පමණක් නොවේ. පුද්ගලයෙකුට තමාගේ හැකියාවන් පිළිබඳ අවබෝධ කර ගැනීමට හැකිවීම, එදිනෙදා ජීවිතයේදී ඇතිවන සාමාන්‍ය ආතතීන් වලට සාර්ථකව මුහුණදීමට හැකිවීම, ඵලදායී ලෙස වැඩ කිරීමට හැකිවීම මෙන්ම ප්‍රජාවට දායකත්වයක් ලබාදිය හැකි යහපැහැත්ම තත්වයකි. පුද්ගලයෙකුගේ කුසලතා හා හැකියාවන් ඔහු හෝ ඇයගේ මානසික සෞඛ්‍යට බලපානු ලැබේ.

ස්ත්‍රී පුරුෂභාවය ජීව විද්‍යාත්මක නිර්මාණයකි. මෙයට හෝමෝන හා ජාන විද්‍යාත්මක ව්‍යුහය බලපානු ලැබේ. ලෝකයේ බොහෝ ස්ථානවල පුද්ගලයෙකුගේ ස්ත්‍රී පුරුෂභාවය පවරනු ලබන්නේ බාහිර ලිංගික අවයව පදනම් කරගෙනය. ලිංගය අනුව පුද්ගලයන් වර්ග 3කි. එනම් ගැහැණු පිරිමි අන්තර් ලිංගික වශයෙනි.

සමාජයක් තුළ කාන්තාවන්ට හා පිරිමින්ට ගැලපේ යැයි සමාජය විසින් නිර්මාණය කරන ලද  භූමිකාවන්ව, හැසිරීම් ක්‍රියාකාරකම් සහ ගුණාංගයන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය ලෙස හැඳින්වේ. මෙය සමාජයෙන් සමාජයට මෙන්ම කාලයත් සමඟ ද වෙනස් විය හැකිය.

පුද්ගලයෙකු රෝමාන්තිකව හෝ ලිංගිකව ආකර්ෂණය වන්නේ කුමන පාර්ශවයකටද යන්න හඳුනා ගන්නා ආකාරය ලිංගික දිශානතියයි.එය පුද්ගලානුබද්ධවන අතර විශේෂ පාරිසරික තත්වයන් මත වෙනස්කම්වලට භාජනය වීමට හැකිය. ලෝකයේ සමසෙනෙහස්, විෂම රිසි සහ ද්වීරිසි වශයෙන් වර්ග හඳුනගත හැකිවේ. ලිංගික දිශානතිය අන් අයට පෙනෙන දෙයක් නොවේ. හුදෙක් ආශ්‍රය කිරීමෙන් වෙනත් කෙනෙකුගේ ලිංගික දිශානතිය වෙනස් කිරීමටද නොහැකිය.

ලංකාව තුළ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි 4019ක ජනතාවක් සහභාගී කරගෙන 2021 සිදු කරන ලද  ජාතික සමීක්ෂණයට අනුව,

සම්මුඛ පරීක්ෂණයට ලක් කළ මුළු ජනගහනයෙන් 12% තමන් LGBTIQ ලෙස හඳුනාගෙන ඇත.

8%ක් ද්වී ලිංගික ලෙස හඳුනාගෙන ඇත.

0.5% සමලිංගික පිරිමි ලෙස හා 0.5% සමලිංගික කාන්තා ලෙස හඳුනාගෙන ඇත.

1% ක් සංක්‍රාන්තික ලිංගික ලෙස හඳුනාගෙන ඇත.

2%ක් වෙනත් ලෙස හඳුනාගෙන ඇත.

තමන්ව LGBTIQ ලෙස හඳුනා ගන්නා වැඩිම සංඛ්‍යාවක් වයස අවුරුදු 18-29 අතර විය.

LGBTIQ පුද්ගලයන්ගේ වැඩිම ප්‍රතිශතය වයඹ සහ උතුරු මැද පළාත් ඒකාබද්ධව හමුවී ඇත.

මෙම ප්‍රජාවට එදිස්‍රිව තවමත් යාවත් කාලීන නොවූ නීති හෙතුවෙන් දැඩි බලපෑමට ලක්වන ආකාරය දැකගත හැකිය.

365 වගන්තිය

ස්වභාව ධර්මයට විරුද්ධව කිසියම් ගැහැණියක, පිරිමියෙකු හෝ සතෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන ඕනෑම කෙනෙකුට අවුරුදු 10 දක්වා වන සිර දඬුවමකින්ද, දඩයකින්ද දඬුවම් කල යුතුය. වැරැද්ද කරන්නේ අවුරුදු 18 වැඩි කෙනෙක් විසින් අවුරුදු 16කට පුද්ගලයෙකුට එරෙහිව නම් අවුරුදු 10කට නොඅඩු 20කට නොවැඩි සිරදඬුවමකින්ද දඩයකින්ද දඬුවම් කල යුතුය.

365 ඒ වගන්තිය

ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ වෙනත් තැනැත්තෙකු සමඟ අශිෂ්ට ක්‍රියාවක් සිදු කරන නැතහොත් එම ක්‍රියාවට පාර්ශවකරුවෙකු වන තැනැත්තෙකු විසින් කරනු ලබන වරදකට වරදකරුවෙකු වන අතර ඔහුට අවුරුදු 2 දක්වා දීර්ඝ විය හැකි ආකාරයට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයකින් දඩුවම් ලැබිය යුතුය.

අයාල ආඥා පනත

1842 අයාල ආඥා පනතට අනුව LGBTIQ ප්‍රජාව සහ ලිංගික ශ්‍රමික කාන්තාවන් අත් අඩංගුවට ගැනීම සිදු කරයි.

ගෘහය තුළ සිදුවන ශාරීරික, වාචික හා මානසික පීඩනයන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ලෙස හැඳින්වේ. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූ ඕනෑම පුද්ගලයෙකුට ආරක්ෂාව සහ නීතිමය සහන ලබා ගැනීම සඳහා 2005 දී ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පනත හඳුන්වා දී ඇත. බහුතරයක් සමාජභාවීය අනන්‍යතා නිසා ආන්තීකරණය වන පුද්ගලයන් සමීප පාර්ශ්වයන්ගෙන් අගතියට පත්වන ආකාරය දැකගත හැකිය.

2019 ජාතික කාන්තා සුබසාධන සමීක්ෂණයට අනුව,

ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් 30% – 40% අතර කුමන හෝ ප්‍රචණ්ඩත්වයකින් පීඩා විඳී.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 60% ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පීඩා විඳී.

රාජ්‍ය නිලධාරීන් සංවේදී කරලීමේ වැඩසටහනෙහි දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි.

Scroll to Top