කාන්තාවන් තම විවාහයට සම්බන්ධ පාර්ශයන් අතින් නිවසේදී හෝ පිටතදී පහරදීම් ,බිය වැද්දවීම් , හා තර්ජන කිරීම් වලට ලක් කිරීම් ගෘහස්ත ප්‍රචන්ඩත්වය වේ. එමගින් පවුල් සංස්ථාවට, මෙන්ම මුළු සමාජයටම අනර්ථකාරී බලපෑම් එල්ල කරේ. මෙවෙනි ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීම ගෘහස්ත ප්‍රචණ්ඩත්ව නිතිය මගින් සිදු වේ.
කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් අහෝසි කිරීමේ ප්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් 1979 දෙසැම්බර් 18 වන දින සම්මත කරන ලදී. මෙම ප්‍රඥප්තිය ගිවිසුමක් ලෙස ක්‍රියාවට නංවන ලද්දේ 1981 සැප්තැම්බර් 03 වන දාය. ශ්‍රී ලංකාව විසින් සිඩෝ ප්‍රඥප්තිය සම්මත කලේ 1981 ඔක්තෝම්බර් 05 වන දාය. සිඩෝ සම්මුතිය බිහිවීමත් සමග මානව අයිතීන් අතරට කාන්තාවන්ගේ විශේෂ වූ අයිතීන්ද එක්වුනි. කාන්තාවන්ට කරන විවිධ වෙනස්කම් වලින් මිදීමට ඔවුන්ට ඇති අයිතිය සිඩෝ සම්මුතියයි. මෙහි වගන්ති 30ක් ඇත. ඉන් 16කම කාන්තාවන්ට සිදුවන වෙනස් කම් සදහාන් වන අතර ඉතුරු 17 සිට 30 දක්වා වූ වගන්ති සිඩෝ කමිටුව හා සිඩෝ සම්මුතිය පිළිබද රජයේ වගකීම පැහැදිලි කරේ. සිඩෝ කමිටුව කාන්තාවන්ට සිදුවන විවිධ අසාධාරණකම් සොයා බැලීමට පත් කරනු ලබන ජාත්‍යන්තර කණ්ඩායමකි.
පුරුෂාධිපතය වටා ගොඩනැගී ඇති අපේ රටේ සමාජ ක්‍රමය තුළ , පවුල තුළ ,ඇතිවෙන ආකාරයේ ප්‍රශ්න පවුලෙන් පිටතට ගෙන යායුතු, සමාජය දැනගත යුතු බරපතල ප්‍රශ්න නොවේය යන්න කලක පටන් පිළිගත් මතය වේ. නමුත් විවිධ කාන්තා සංවිධාන හා සිවිල් සංවිධාන දිගුකාලයක පටන් කරන ලද උද්ඝෝශනයන්ගේ ප්‍රතිපලයක් වශයෙන් මෙවැනි ක්‍රියා පිටුදැකීම සදහා පාලිමේන්තු පනතක් සම්මත කරගත් අතර ඒ අනුව පවුල තුල මෙවැනි ක්‍රියා සිදු කිරීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදකි.
අපේ රටේ මේ සම්බන්ධව 2005 අංක 34 දරන ගෘහස්ත ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත ක්‍රියාත්මක වේ මේ පනතට අනුව පවුල තුළ සිදුවන මෙවැනි හිංසන ක්‍රියා දණ්ඩනීය වරදක් බව මෙම නිතිය මගින් පිලිගෙන ඇති අතර තම ස්වාමිපුරෂයා අතින් හෝ විවාහයට සම්බන්ධ වෙනත් පාර්ශවයන් අතින් හෝ සිදුවන පහර දීම, බිය වැද්දීම තර්ජනය කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරුවන ඕනෑම කාන්තාවකට ඒ පිළිබද පොලිසියට පැමිණිලි කොට නීතිමය ක්‍රියමර්ගයන් ගැනීමට අයිතීයක් ඇත .
නුතන කාන්තාව ,කාන්තාවන් විසින් සිදු කරනු ලැබූ සම්ප්‍රදායික කාර්ය භාරයට අමතරව පවුලට ආර්ථික දායකත්වය ඉටු කිරීමට රැකියාවන් හෝ ආදායම් උපදවන මාර්ගයක නියැලේ. සමාජීය කාන්තාව හිංසනයට ගොදුරු වන්නේ පවුල තුළ පමණක් නොවේ. ප්‍රජාවේ සාමාජිකයින් විසින් එල්ල කරන හිංසන වලටද ගොදුරු වේ. දිනෙන් දින කාන්තාව ප්‍රජාව තුළ අනාරක්ෂිතතාවයට පත්වේ.
ප්‍රජාව තුල සිදුවන හිංසන ක්‍රියා සමහරක් නම් මිනීමැරීම්, ගබ්සා කිරීම්, ලිංගික අතවර,ස්ත්‍රී දුෂණ ,ගණිකා වෘත්තියේ යෙදවීම, ලිංගික අඩත්තේට්ටම්, අපහරණය කිරීම හා පැහැරගෙන යාමයි, කාන්තාවන්ට එරෙහිව සිදුවන හිංසා ක්‍රියා අතරින් වඩාත් බරපතල වූ හිංසාව ස්ත්‍රී දුෂණය වේ. මේ අනුව ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට එරෙහිව අප රටේ නීති තිබුන ද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීමද කණගාටුවට කරුණක් බව කිව යුතුය .
තුෂාර සේනානායක